Breaking
Sat. May 18th, 2024

– නිලුපුලී –

පසුගියදා කොරියානු ජාතික ජාත්‍යන්තර ව්‍යාපාරිකයකු වන පාර්ක් මහතා කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා  හමුවී මීගමුව කොච්චිකඩේ පිහිටි පොහොර කර්මාන්තායතනයෙහි නිපදවෙන කාබනික පොහොර ඇසුරුම් කිරීම සම්බන්ධව විශේෂ සාකච්ඡාවක් පැවැත්වූ අතර එම කටයුතු වැඩිදුරටත් සංවර්ධනය කිරීමෙන් තරුණ තරුණියන් විශාල ප්‍රමාණයකට රැකියා අවස්ථා ලබා දිය හැකි බවත් ඒ සඳහා තමා රිෂාඩ් අමාත්‍යතුමාගේ උපකාරය බලාපොරොත්තු වන බවත් පාර්ක් මහතා එහිදී ප්‍රකාශ කළේය. එම අදහස ඉතා පැසසුම් කොට සලකන බැව් පැවසූ ඇමති රිෂාඩ් තම අමාත්‍යංශය මගින් මෙවන් සංවර්ධන ක්‍රියාවන් සඳහා නිරන්තර සහයෝගය ලබා දෙන බව පවසන  ලදී.

මෙම අවස්ථාව සඳහා අමාත්‍යංශ ලේකම් D.T.S.P පෙරේරා මහතාද, උපදේශක M. රෝයි මහතාද, අම්පාර දිස්ත්‍රික් සම්බන්ධීකාරක M.M. ජුනෛඩීන් මහතාද ,  මුස්තාෆා බාවා සහ  A.R.M අසීම් යන මහත්වරුන්ද සහභාගී විය.

IMG_5499

By

Related Post

Leave a Reply

Your email address will not be published. Required fields are marked *